කොංගෝ රාජ්‍ය තුළ වහාම ක්‍රියාත්මක වන පරිදී සටන් විරාමයක් ක්‍රියාත්මක කරන ලෙස අප්‍රිකානු සමුළුව දැනුම් දී තිබෙනවා.
ඒ අනුව කොංගෝ රාජ්‍ය තුළ ක්‍රියාත්මක මරාන්තික සටන් අවසන් කිරීම සඳහා වහාම කොන්දේසි විරහිත සටන් විරාමයක් ක්‍රියාත්මක කරන ලෙසයි නැගෙනහිර හා දකුණු අප්‍රිකාවේ නායකයින් දැනුම් දී ඇත්තේ.
නැගෙනහිර හා දකුණු අප්‍රිකාවේ නායකයින් එක්ව පැවැත්වූ අප්‍රිකානු සමුළුවේදී මේ බව දැනුම් දී තිබෙනවා.
රුවන්ඩාවේ සහාය සහිත කැරළිකරුවන් දිනපහක් ඇතුළත සාම සාකච්ඡා සඳහා සහභාගී විය යුතු බව දකුණු අප්‍රිකානු සංවර්ධන හා නැගෙනහිර අප්‍රිකානු ප්‍රජාව ඉල්ලා සිටිනවා.
නැගෙනහිර කොංගෝවේ ගෝමා නගරය ඇතුළු ප්‍රදේශ රැසක බලය මේ වන විට පවතින්නේ කැරලිකරුවන් සතුවයි.
ජගත් සංවිධානයේ නවතම සංඛ්‍යාලේඛණවලට අනුව කැරළිකරුවන් හා රජයේ හමුදා අතර ඇතිවූ ගැටුම් වලින් ජනවාරි මාසයේ සිට මේ දක්වා 2,900 දෙනෙකු මියගොස් ලක්ෂ 4ක පිරිසක් අවතැන්ව සිටිනවා.