නිරිතදිග චීනයේ සිචුආන් ප්‍රාන්තයේ සිදුවූ නායයාමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 28 දෙනෙකු අතුරුදන්වී තිබෙනවා.
නාය යාමෙන් අතුරුදන් වූ පුද්ගලයින් සොයා දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මකයි.
සහන සේවකයින් හා ආරක්ෂක අංශ සාමාජිකයින් නවසීයකට අධික පිරිසක් ඒ සඳහා එක්ව සිටිනවා.
නාය යාමට හසුවූ පුද්ගලයින් දෙදෙනෙකුගේ දිවි බේරාගැනීමට සහන කණ්ඩායම් සමත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
පසුගිය මාස කිහිපය පුරා චීනයට අයහපත් කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ලවුණා.
පසුගිය වසරේදී ගංවතුර හේතුවෙන් සිය ගණනක් ජීවිතක්ෂයට පත්වු අතර එරටින් වාර්තා වූ වැඩිම උෂ්ණත්වය ද පසුගිය වසරේදී සටහන් වුණා.







