Latest News

කැරබියන් දූපත් සෙළවෙයි – රටවල් කිහිපයකට සුනාමිඅනතුරු ඇඟවීමක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කැරිබියන් දූපත්වල රික්ටර් මාපකයේ 7.6ක භූකම්පනයක් හටගෙන තිබෙනවා.

ඒ හේතුවෙන් රටවල් කිහිපයක් සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙලෙස සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ, කොලොම්බියාව, කේමන් දූපත්, පුවර්ටෝ රිකෝ, වර්ජින් දූපත්, කොස්ටාරිකාව, හොන්ඩුරාස්, නිකරගුවාව සහ කියුබාව යන වෙරළ තීරයන් ඇතුළු කලාප සඳහායි.

මීට අමතරව, ජාත්‍යන්තර සුනාමි තොරතුරු මධ්‍යස්ථානය අනතුරු ඇඟවූයේ ඉදිරි පැය තුන ඇතුළත ජැමෙයිකාව, කියුබාව, මෙක්සිකෝව, හොන්ඩුරාස්, ටර්ක්ස් සහ කයිකෝස්, සැන් ඇන්ඩ්‍රෙස් ප්‍රොවිඩන්ස්, ඩොමිනිකන් ජනරජය, කොලොම්බියාව, පැනමාව, කොස්ටාරිකාව, අරුබා, බොනෙයා, කුරකාඕ ඇතුළු වෙරළබඩ ප්‍රදේශ කිහිපයකට “අනතුරුදායක සුනාමි රළ” බලපෑම් කළ හැකි බවයි.

World News

Send your contact Details Today