Latest News

මෙම සති අන්තයේදී උතුරු ක්වින්ස්ලන්තයට තවත් ගංවතුර අවදානමක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මෙම සති අන්තයේදිදී උතුරු ක්වින්ස්ලන්ඩ් වැසියන්ට තවත් ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

නව ගංවතුරෙන් විශාල අවදානමක් ඇත්තේ කෙයාන්ස් සිට රොක්හැම්ප්ටන් දක්වා ටවුන්ස්විල් වලට දකුණින් පිහිටි හවුග්ටන් ගඟ අසල කලාපයටයි.

ටවුන්ස්විල්, කාඩ්වෙල් සහ ඉන්ග්හැම් ඇතුළු දැනටමත් ගංවතුරෙන් පීඩා විඳින නගර වලට මෙම සති අන්තයේ මිලිමීටර් 250 ක පමණ වැසි ඇද හැලෙනු ඇතැයි විශ්වාස කරනවා.

උතුරු ක්වීන්ස්ලන්ඩ් සතියක පමණ කාලයක සිට ගංවතුරෙන් පීඩා විඳින අතර මේ වනවිට SES ස්වේච්ඡා සේවකයන්, පොලිස් සහ ගලවා ගැනීමේ කණ්ඩායම් ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇති බවයි බලධාරීන් කියා සිටියේ.

මේ අතර ගංවතුර තත්වය හේතුවෙන් විදුලිය විසන්ධි කළ ප්‍රදේශවලට තවමත් සැපයුම ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් පවතින බව ද ඔවුන් සඳහන් කළා.

කෙසේවෙතත් සඳුදා වන විට වැසි සමනය වනු ඇතැයි කාලගුණ විද්‍යා අංශය අපේක්ෂා කරනවා.

World News

Send your contact Details Today