Latest News

චීනයට එරෙහි ට්‍රම්ප්ගේ වැඩවලට ජපානයත් එකතු කර ගනියි – අලුත්ම තීරණය මෙන්න

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චීන ආර්ථික ආක්‍රමණයට එරෙහිව අමෙරිකාව හා ජපානය එක්ව සටන් කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඔහු ඒ බව සඳහන් කළේ, ජපාන අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා අතර පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදීයි.

අමෙරිකාවෙන් ස්වාභාවික වායු ආනයනය තවදුරටත් ඉහළ නංවන බව ද ජපානය ප්‍රකාශ කර තිබෙනවා.

ජපාන අගමැති ෂිගේරු ඉෂිබා, අමෙරිකාවේ නිල සංචාරයක් ආරම්භ කර තිබුණා.

ඒ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඇරයුමකට අනුවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත් වීමෙන් අනතුරුව ධවල මන්දිරයට පැමිණි දෙවැනි විදේශීය නායකයා ඔහු බවත් විදෙස් වාර්තාවල සඳහන්.

World News

Send your contact Details Today