Latest News

IVF තාක්ෂණය හරහා ලොව ප්‍රථම කැන්ගරු කලලය සාර්ථකව නිපදවයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වඳවී යෑමේ තර්ජනයට ලක්ව ඇති ජීවී විශේෂ සුරැකීමට යම් දිනක උපකාර කළ හැකි IVF තාක්ෂණය හරහා ඕස්ට්‍රේලියාවේ විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් ලොව ප්‍රථම කැන්ගරු කලලය සාර්ථකව නිපදවා තිබෙනවා.

ඒ වඳ වී යෑමේ තර්ජනයක් පිළිබඳ වාර්තා නිකුත් වීමෙන් පසුව එරටට ආවේණික සතුන් විශේෂය ආරක්ෂා කර ගැනීමේ හදිසි අවශ්‍යතාවය සැළකිල්ලට ගෙනයි.

මෑත ඉතිහාසයේ පෘථිවියේ අනෙකුත් මහාද්වීපයට වඩා වඳවී යෑමේ ඉහළ අනුපාතයක් ඇති ක්ෂීරපායී විශේෂ 33ක් අවම වශයෙන් ඕස්ට්‍රේලියාවට අහිමි වී තිබෙනවා.

කෙසේවෙතත් මෙම අත්හදා බැලීමේ දී භාවිත කරන ලද නැගෙනහිර අළු කැන්ගරුවන් වඳවීමේ තර්ජනයට ලක්ව නොමැති බවයි පැවසෙන්නේ.

ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් ප්‍රථමයෙන් පරිණත ඩිම්බයකට තනි ශුක්‍රාණුවක් එන්නත් කිරීමට පෙර, ඉන්ට්‍රාසයිටොප්ලාස්මික් ශුක්‍රාණු එන්නත් කිරීමේ තාක්‍ෂණය භාවිත කරමින් රසායනාගාරයක් තුළ කැන්ගරු ඩිම්බ සහ ශුක්‍රාණු වර්ධනය වූ ආකාරය තක්සේරු කළ බව විශ්ව විද්‍යාලය ප්‍රකාශ කළා.

කැන්ගරු කළලය පිළිබඳ පර්යේෂණයට නායකත්වය දුන් Andres Gambini පැවසුවේ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති අනෙකුත් සතුන් සඳහා මෙම තාක්ෂණය භාවිත කළ හැකි බවයි.

World News

Send your contact Details Today