Latest News

ඉරානය, නව බැලැස්ටික් මිසයිලයක් එළි දක්වයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කිලෝමීටර් 1,700ක් දුර ගමන් කළ හැකි ප්‍රබල බැලැස්ටික් මිසයිලයක් ඉරානය නිපදවා තිබෙන බව ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් පුවත් සේවය වාර්තා කරනවා.

ටෙහෙරාන් නුවර පසුගියදා නව මිසයිල නිරාවරණය කිරීම ජනාධීපති මසූඩ් පෙසෙෂ්කියන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවූ බවයි එම පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේ’.

ආරක්ෂක හැකියාවන් සහ අභ්‍යවකාශ තාක්ෂණයේ සංවර්ධනය භාවිත කරමින් නිරාවරණය කළ මීටර් 16ක් දිගින් යුතු නව මිසයිලය කිසිඳු රටක් ඉරානයට ප්‍රහාර එල්ල නොකරන බවට සහතික කර ඇතැයි නව බැලැස්ටික් මිසයිලය නිමිත්තෙන් එරට ජාතික රූපවාහිනිය ඔස්සේ ජනතාව ඇමතූ ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

ඉරාන ආරක්ෂක අමාත්‍යාංශය මඟින් නිෂ්පාදිත එම මිසයිලය ඊශ්‍රායලයට පවා සෘජුව ප්‍රහාර එල්ල කිරීමට තරම් බලවත් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

World News

Send your contact Details Today