Latest News

සැඟවී සිටින ශෙක් හසීනා, බංග්ලාදේශයේ යළි ගිනි අවුලයි (VIDEO)

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මීට මාස කිහිපයකට පෙර සිදුවූ මාරාන්තික අරගලයකින් පසු බංග්ලාදේශයේ අගමැතිනී ශෙක් හසීනා එළවා දමා රට අන්තර්වාර පාලනයකට පත්කරවන්නට එරට බහුතර ජනතාව පෙළගැසුණ නමුත් හසීනා හා ඇගේ ඉතිරිවූ පක්ෂපාතීන් නව පාලනය වට්ටන්නට නොයෙකුත් කටයුතු සිදුකරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවේ සැඟවී සිටින හසීනා එහි සිට අන්තර්ජාලයෙන් ජාතිය අමතමින් විවිධ අවුල්සහගත ප්‍රකාශ නිකුත් කරමින් සිටින අතර මේ නිසා කුපිත වූ ජන කණ්ඩායම් බදාදා (පෙබරවාරි 05) රාත්‍රී කාලයේ හසීනාගේ පියාගේ සැමරුම් දේපළ වනසමින් මහත් විනාශයක් සිදුකර ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

රාත්‍රී කාලයේ බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ශේක් හසීනා විසින් සජීවී මාධ්‍ය ඇමතුමක් සිදුකරමින් සිටි අවස්ථාවේදී බංග්ලාදේශ ප්‍රධාන ස්මාරක කෞතුකාගාරයට ප්‍රහාර දියත් කරන්නටත් ඉතිහාසික ගොඩනැගිල්ල විනාශ කිරීමටත් උත්සාහ දරා තිබුණ අතර ශේක් හසීනාගේ පියා වන හිටපු අගමැති ශේක් මුජිබුර් රහ්මාන් ස්මාරක කෞතුකාගාරයට බරපතල හානි ද මුජිබුර් රහ්මාන්ගේ හිටපු නිවසට ගිනි හානිද සිදුවුණා.

හසීනාගේ අනවශ්‍ය මැදිහත්වීම ජනතාවට රුස්සන්නේ නැති දෙයක් බවට දැන් පත්ව තිබෙන අතර ධානමොන්ඩි ප්‍රදේශයේ 5 දා පෙරවරුවේ සිට ආරම්භ වූ විශාල විරෝධතා ව්‍යාපාරය “බුල්ඩෝසර් පෙළපාලිය” ලෙස එරට මාධ්‍ය හැඳින්වූ අතර මෙම විරෝධතාවයට දහස් ගණනක් සහභාගී වූ බව ද සඳහන්.

ඔවුන් කෞතුකාගාරයේ ප්‍රධාන දොරටුව බිඳ දමා ගොඩනැගිල්ලට ඇතුළු වී තිබෙනවා.

විරෝධතාකරුවන් පවසා සිටියේ මෙම ගොඩනැගිල්ල ඒකාධිපති පාලනයේ සංකේතයක් බව සහ “මුජිබ්වාදය” රටින් තුරන් කිරීමට අවශ්‍ය බවත් ඔවුන් ශේක් හසීනාට මරණ දඬුවම ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවයි.

ඒ අනුව විරෝධතාවය ආරම්භ වූයේ ශේක් හසීනා විසින් සිදු කළ මාධ්‍ය ඇමතුමකට ප්‍රතිචාරයක් ලෙසයි.

එහිදී ඇය වර්තමාන පාලන තන්ත්‍රයට එරෙහිව ජනතාව නැගී සිටින ලෙස ඉල්ලා සිටි අතර නොබෙල් ත්‍යාග ලාභී මුහම්මද් යූනුස්ගේ රජය පිළිබඳව සඳහන් කරමින්, ගොඩනැගිලි විනාශ කළ හැකි නමුත් ඉතිහාසය මකා දැමිය නොහැකි බව ඇය පැවසුවා.

Anti-Discrimination Students Movement හි හස්නත් අබ්දුල්ලා සහ Inqilab Mancha හි ෂරිෆ් ඕස්මාන් බින් හාදි ඇතුළු නායකයින් විරෝධතාව සංවිධානය කර තිබු අතර විප්ලවීය සිසුන් සහ සිවිල් ක්‍රියාකාරීන් මෙම විරෝධතාවයට සහභාගී වුණා.

විරෝධතාකරුවන් මිටි, යකඩ කූරු සහ ලී පලක භාවිතා කරමින් ශේක් මුජිබුර් රහ්මාන්ගේ ඡායාරූප සහ ගොඩනැගිල්ලේ වෙනත් කොටස් විනාශ කළ අතර ඔවුන් “ෆැසිස්ට්වාදයේ වන්දනා ස්ථානයක්” ලෙස හැඳින්වූ ගොඩනැගිල්ල බිම හෙළීමට යන්ත්‍ර සූත්‍ර ගෙනවිත් තිබෙනවා.

World News

Send your contact Details Today