Latest News

ලෝකප්‍රකට ග්‍රීසියේ සැන්තොර්නි දූපතට භයානයක අවදානමක් – දූපතේ වැසියන් එය හැර යයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ග්‍රීසියේ සැන්තොර්නි දූපත එහි පිහිටා ඇති සුදුහුණු ආලේපිත ගොඩනැගිලි සහ දේවස්ථාන හේතුවෙන් ඉහළ සංචාරක ආරකර්ෂණයක් දිනා ඇති ගමනාන්තයක්.

කෙසේ වුවද සැන්තොර්නි දූපත් වාසීන් මේ වනවිට එම දූපත අතහැර යාමට පියවර ගෙන තිබෙනවා.

ඒ අඛණ්ඩව දින හතරක් පුරා දූපතින් වාර්තා වී ඇති භූ කම්පන හේතුවෙන්.

ඒ අනුව සැන්තොර්නි දූපතේ දින හතරක් තුළ භූ කම්පන අවස්ථා දෙසීයකට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.

ඒවායේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 4.9ක අගයක් දක්වා සටහන් කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව සතියක කාලයක් සඳහා පාසල් නිවාඩු ලබාදීමටත් බලධාරීන් ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

එමෙන්ම ඇතැම් කම්පන වාර්තා වී තිබුණේ ගිනි ගිනිකඳු සක්‍රීය වීමෙන් බව සඳහන්.

සැන්තොර්නි දූපතේ ජනගහනය 15,500ක් පමණ වුවත් වාර්ෂිකව එම දූපත වෙත මිලියන ගණනක් සංචාරකයින්, සංචාරය කරනවා.

කෙසේ වුවද පවතින අවදානම් සහගත තත්වයවය හමුවේ සංචාරක පැමිණීම ද අවම වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එමෙන්ම සැන්තොර්නි දූපතේ රැඳී සිටින පිරිස්හට ඉන් ඉවත්වීම සඳහා අමතර ගුවන් ගමන් වාර ක්‍රියාත්මක කිරීමටත් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

World News

Send your contact Details Today