Latest News

අමෙරිකාවෙන් පිටුවහල් කළ පළමු කණ්ඩායම ඉන්දියාවට පැමිණෙයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නීතිවිරෝධී සංක්‍රමණිකයන් ලෙස අමෙරිකාව විසින් හඳුනාගනු ලැබූ පළමු ඉන්දීය සංක්‍රමණික කණ්ඩායම ඉන්දියාවට ළඟාවී තිබෙනවා.

ඒ අනුව 104 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එලෙස පැමිණි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඉන්දීය පළමු කණ්ඩායම රැගත් අමෙරිකානු හමුදාවේ C-17 වර්ගයේ ගුවන් යානයක් දැඩි ආරක්‍ෂාව මධ්‍යයේ ශ්‍රී ගුරු රාම් දාස්ජී අන්තර්ජාතික ගුවන්තොටුපළට ගොඩබා තිබෙනවා.

එම පිරිස හර්යානා, ගුජ්රාට්, පන්ජාබ්, උත්තර් ප්‍රදේශ් සහ චන්දිගාර් සහ මහාරාෂ්ට්‍ර පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

පිටුවහල් කළ පිරිස අතරට කාන්තාවන් 25 දෙනකු සහ බාලවයස්කරුවන් 12 දෙනකු ඇතුළත් වන අතර ලාබාළතම මගියා වයස අවුරුදු 04 ක දරුවෙක් ද සිටිනවා.

රැගෙන ආ පිරිසෙන් 48 දෙනෙකු වයස අවුරුදු 25ට අඩු‍ අය බව ද සඳහන්.

ඉන්දියාව බලා ටෙක්සාස් ප්‍රාන්තයෙන් ගුවන් ගත වූ ගුවන් යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 11 දෙනෙකු සහ පිටුවහල් කිරීමේ ක්‍රියාවලිය අධීක්ෂණය කරමින් එක්සත් ජනපද නිලධාරීන් 45 දෙනකු ද සිටි බව ද වාර්තා වනවා.

World News

Send your contact Details Today