Latest News

අමෙරිකානු තැපෑල විසින් චීන හා හොංකොං පාර්සල් භාර ගැනීම නවත්වයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකානු තැපෑල විසින් චීනයෙන් හා හොංකොං රාජ්‍යයෙන් ලැබෙන පාර්සල් භාර ගැනීම නවතා තිබෙනවා.

ඒ අනුව චීනයෙන් හා හොංකොං රාජ්‍යයෙන් ලැබෙන පාර්සල් භාර ගැනීම නැවත දැනුම් දෙන තුරු නතර කර ඇති බවයි අමරිකා තැපැල් සේවයේ වෙබ් අඩවියේ දැක්වෙන්නේ.

කෙසේ වෙතත් එම රටවලින් ලැබෙන ලිපි වලට මෙය අදාළ නොවනු ඇති.

කෙසේ වෙතත් මෙම තීරණයට හේතුවක් ඉදිරිපත් කර නොමැති අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයෙන් අමරිකාවට ආනයනය කරන සියලුම භාණ්ඩ සඳහා අමතර 10% ක තීරුබදු පැනවීමෙන් පසුව මෙය ක්‍රියාත්මක වීම විශේෂත්වයක්.

ඊට ප්‍රතිචාර දක්වමින් චීනය ප්‍රකාශ කළේ ඇතැම් අමරිකා ආනයන සඳහා තමන් ද තීරු බදු ක්‍රියාත්මක කරන බවයි.

World News

Send your contact Details Today