Latest News

එක්සත් ජාතීන්ගේ ආයතන ගණනාවකින් ඇමරිකාව ඉවත් කර ගැනීමේ නියෝගයට ට්‍රම්ප් අත්සන් තබයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇතුළු ආයතන ගණනාවකින් ඇමරිකාව ඉවත් කර ගැනීමේ නියෝගයට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබුවා.

එමෙන්ම පලස්තීනුවන් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන ඒජන්සිය UNRWA වෙතින් ද ඇමරිකාව ඉවත් කර ගත් අතර එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය වන UNESCO සංවිධානයෙන් ඉවත්වීම ද සමාලෝචනය කරමින් සිටිනවා.

ධවල මන්දිර කාර්ය මණ්ඩල ලේකම් විල් ශාර්ෆ් පවසන්නේ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනවල ඇමරිකානු විරෝධී නැඹුරුවට විරෝධය දැක්වීමක් ලෙස මෙම පියවර ගෙන ඇති බවයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයින් 47 දෙනා මහා සභාව විසින් තෙවසරක කාල සීමාවක් සඳහා තෝරා පත් කර ගනු ලබන අතර, එක්සත් ජනපදය ධූර කාලය දෙසැම්බර් 31 වනදායින් දිනෙන් අවසන් කිරීමට නියමිතයි.

World News

Send your contact Details Today