Latest News

ස්වීඩනයේ පාසලක වෙඩි තැබීමක් – 10ක් ජීවිතක්ෂයට

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මධ්‍යම ස්වීඩනයේ පාසලක සිදුවූ මෙම වෙඩි තැබීමෙන් තුවක්කුකරු ඇතුළු 10 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ස්ටොක්හෝම් අගනුවරට කිලෝමීටර් 200ක් බටහිර දෙසින් පිහිටි ඔරෙබ්රෝ හි රිස්බර්ග්ස්කා පාසලට එල්ල වූ ප්‍රහාරය ස්වීඩන් ඉතිහාසයේ දරුණුතම සමූහ වෙඩි තැබීම ලෙසයි එරට අගමැති උල්ෆ් ක්‍රිස්ටන් විස්තර කළේ.

මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව පොලිසිය අනතුරු අඟවා තිබෙන බවයි එරට මාධ්‍ය සඳහන් කරන්නේ.

මෙය තස්ත්‍ර ප්‍රහාරයක් විය හැකි බවයි විශ්වාස කෙරෙන්නේ.

World News

Send your contact Details Today