රුමේනියාවේ රැකියා ලබා ගැනීමට වීසා නිකුත් කිරීමේදි ඇතිවන අධික ප්‍රමාදය වැළැක්වීම සඳහා දැනුවත් කිරීමේ සාකච්ඡාවක් පසුගියදා විදේශ සේවා කාර්යාංශයේදී පැවැත්වුණා.
ඒ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් වන අතර රුමේනියා තානාපති කාර්යාලය හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව මෙය පැවැත්වුණා
රුමේනියාවේ රැකියා සඳහා මෙරට ශ්‍රමිකයින් යොමුකරන කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිතායතන 164ක් මේ සඳහා එක්ව තිබුණා
රුමේනියාවේ විවිධ ක්ෂේත්‍රවල රැකියා අවස්ථා ශ්‍රී ලංකාවට ලැබී ඇති අතර එම රැකියා අවස්ථා සඳහා වීසා අයදුම් කිරීමේදී අධික ප්‍රමාදයක් ඇතිවන බවට විදේශ රැකියා නියෝජිතායතන විසින් කාර්යාංශය වෙත දැනුම්වත් කර තිබුණා
ඒ අනුව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ඒ සම්බන්ධව රුමේනියා තානාපති කාර්යාලය දැනුවත් කර තිබෙනවා
වීසා සඳහා ඉදිරිපත් කරන ලියවිලිවල තිබෙන අඩුපාඩු මෙන්ම වීසා ලබාගැනීමේදී පවත්වන සම්මුඛ පරීක්ෂණයෙන් අසමත්වීම වැනි කාරණා මෙලෙස වීසා ප්‍රමාදයට හේතුවක් බව තානාපති කාර්යාලයෙන් දැනුම්දීමෙන් අනතුරුව, ඒ සම්බන්ධව සාකච්ඡා කිරීමට පියවර ගෙන ඇත.
එම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස නිවැරදිව වීසා අයදුම්පත්‍ර සමග ලියකියවිලි ඉදිරිපත්කිරීම හා සම්මුඛ පරීක්ෂණයේදී ඉංග්‍රිසි භාෂාවෙන් නිවැරදිව පිළිතුරු ලබාදීම සම්බන්ධව දැනුවත් කිරීම් මෙහි දි සිදුකළා.
එම දැනුවත් කිරීම්වලට අනුව ඉදිරියේදී වීසා ප්‍රමාදය අවම කිරීමට හැකිවෙතැයි කාර්යාංශය විශ්වාසය පළකළා
එසේම සම්මුඛ පරීක්ෂණ සඳහා වීසා අයදුම්කරුවන් ඉදිරිපත් කිරීමට පෙර ඉංග්‍රිසි භාෂාවෙන් නිවැරදිව පිළිතුරු ලබාදීම සම්බන්ධව ඔවුන්ට විශේෂ වැඩමුළු පැවැත්වීමටද කටයුතු යොදා තිබුණා.