සුඩානයේ ගැටුම් හේතුවෙන් උග්‍ර මානුෂීය අර්බුදයක් හටගෙන තිබෙනවා.
සුඩානයේ මේ වන විට හට ගෙන ඇති යුද ගැටුම් හේතුවෙන් මිලියනයකට ආසන්න පිරිසක් චැට් රාජ්‍යයට පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ඒත් සමඟම ලැබෙන ආධාර ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම හරහා මිලියන ගණනක පිරිසකට දෛනික අවශ්‍යතා සපුරාගැනීමට හැකි වී නොමැති බවට සහන කණ්ඩායම් අනතුරු අඟවනවා.
එය මේ වන විට ලොව පවත්නා දරුණුතම මානුෂීය අර්බුදය ලෙසයි සහන කණ්ඩායම් පෙන්වා දෙන්නේ.
බොහෝ පිරිසකට ආහාර ඖෂධ, අධ්‍යාපනය ආරක්ෂාව හා තම මූලික අවශ්‍යතා නොලැබෙන බවද ඔවුන් සඳහන් කරනවා.
2023 වසරේ අප්‍රේල් මාසයේ දී මෙම ගැටුම් ආරම්භ වුණා.