ඉන්දියාවේ දිල්ලි නගරය ඊයේ (31) දිනයේදී ඝන දුමාරයකින් වැසී පැවති බව විදෙස් මාධ්‍ය පවසනවා.
දිල්ලි නගරය පසුගිය දින කිහිපයේ මෙන් ඝන දුමාරයකින් වැසී තිබූ අතර දහවල් කාලයේදී තත්ත්වය යම් තරමක් යහපත් වූ බවයි එරට කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.
ඉදිරි සතියේදී වර්ෂාව ඇති වීමත් සමග මෙම තත්ත්වය පහව යනු ඇති බවට එම දෙපාර්තමේන්තුව අනාවැකි පළකරනවා.
ඒ අනුව උදෑසන දිල්ලි නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක අටක් දක්වා පහළ වැටී තිබූ අතර ඉහළම උෂ්ණත්වය වාර්තාවුයේ සෙල්සියස් අංශක විසිහයක් ලෙසයි.
ඝන මීදුම හා දුර්වල වායු ගුණාත්මක තත්ත්වය හේතුවෙන් දෛනික ජීවිතයට දැඩි බලපෑම් එල්ලවී ඇති අතර ඉන් වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ ප්‍රවාහන ක්ෂේත්‍රයට බව වාර්තා වනවා.
කෙසේ වුවද පෙබරවාරි මුල් සතියවන විට උෂ්ණත්වය තවත් පහළ යා හැකි බවයි ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
එමෙන්ම ඉදිරි දින දෙක තුලදී පන්ජාබ්, හර්යානා, උත්තර් ප්‍රදේශ්, හිමාචල් ප්‍රදේශ් හා ජම්මු කාශ්මීර යන ප්‍රාන්තයටන්ට වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.