ශුද්ධ වූ අල් කුරානය පුළුස්සා ප්‍රචණ්ඩ විරෝධතා සඳහා මගපෑදූ පුද්ගලයකු ස්වීඩනයේදී වෙඩිතබා ඝාතනය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
එලෙස මියගොස් ඇත්තේ 38 හැවිරිදි වියේ පසුවූ සල්වාන් මොමීකා නමැත්තෙක්.
ඔහු ස්ටොක්හෝම් හි Södertälje හි මහල් නිවාස සංකීර්ණයක් තුළදී ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.
මොමික් නමැත්තා 2023 වසරේදී ස්ටොක්හෝම් මධ්‍යම පල්ලියෙන් පිටත ඉස්ලාම් දහමේ ශුද්ධ ග්‍රන්ථය වන අල් කුරානයේ පිටපතකට ගිනිතැබීමෙන් පසු නොසන්සුන්තාවක් ඇතිවුණා.
ස්ටොක්හෝම් පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේ ඝාතනයට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ස්වීඩනයේ වෙසෙන ඉරාක ජාතික මොමිකාට, 2023 වසරේදී අවස්ථා හතරකදී ජනවාර්ගික කණ්ඩායමකට එරෙහිව තවත් අයෙකු සමඟ විරෝධතා පැවැත්වීම සම්බන්ධයෙන් ඉකුත් අගෝස්තු මාසයේදී චෝදනා එල්ල වුණා.
කෙසේවෙතත් විත්තිකරුවන්ගෙන් එක් අයෙකු මියගොස් ඇති බව තහවුරු වීමෙන් පසුව තීන්දුව ප්‍රකාශයට පත්කිරීම කල්දැමූ බව ස්ටොක්හෝම් දිස්ත්‍රික් අධිකරණය ප්‍රකාශ කර තිබෙනවා.
මෝමිකා නමැත්තා ඉස්ලාම් විරෝධී විරෝධතා මාලාවක් ගෙන ගිය අතර එය මුස්ලිම් බහුතරයක් සිටින රටවල් රැසක විරෝධතාවන්ට හේතු වුණා.
එහි ප්‍රතිපලයක් ලෙස ඉරාකයේ බැග්ඩෑඩ් හි ස්වීඩන් තානාපති කාර්යාලයේ දෙවරක් නොසන්සුන්තාවයක් ඇති වූ අතර රාජ්‍යතාන්ත්‍රික ගැටුමක් මධ්‍යයේ ස්වීඩන් තානාපතිවරයා නගරයෙන් නෙරපා හැර තිබිමයි.
මොමීකා ශුද්ධ වූ ග්‍රන්ථය පුළුස්සා දැක්වූ විරෝධතාවට ස්වීඩන් රජය අවසර ලබා දී තිබුණේ එය භාෂණයේ නිදහසට අනුකූල බව පවසමින්.