හය දෙනෙකු ගමන් ගත් පුද්ගලික ජෙට් යානයක් අමෙරිකාවේ – පෙන්සිල්වේනියාවේදී අනතුරට ලක්ව තිබෙනවා.
රෝගීන් දෙනෙකු, වෛද්‍යවරුන් දෙදෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු එහි සිට ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
අයහපත් කාලගුණය හේතුවෙන් මෙම අනතුර සිදු ව ඇති බවටයි සැක කරන්නේ.
සාප්පු සංකීර්ණයක් අසලදී ජෙට් යානය කඩා වැටී ඇති අතර, ඒ අවට නිවාස කිහිපයක් ද විනාශ වී තිබෙනවා.
ගුවන් ගමන් දත්තවලින් පෙන්නුම් කර ඇත්තේ, යානය සවස 6:06ට ගුවන් තොටුපළෙන් පිටත් වී තත්පර 30කට පමණ පසු මීටර් 487 (අඩි 1,600)ක් නැගීමෙන් පසු රේඩාර් දත්ත වෙතින් අතුරුදහන් වූ බවයි.