නවසීලන්තයේ මෞන්ගා හෙවත් තාරනාකි කන්දට පුද්ගලයෙකුට සමාන නීත්‍යනුකූල අයිතියක් ලබා දී ඇති ගිවිසුමක් වසර ගණනාවක සාකච්ඡාවලින් පසුව නීතියක් බවට පත්ව තිබෙනවා.
ඒ අනුව එය කළමනාකරණය කිරීම සඳහා දේශීය ගෝත්‍ර, ඉවි ගෝත්‍රිකයින් සහ රජය එක්ව කටයුතු කරනු ඇති.
යටත් විජිතකරණයේදී තාරනාකි කලාපයේ මෞරිවරුන්ට සිදුවූ අසාධාරණකම් සඳහා වන්දි ගෙවීම මෙම ගිවිසුමේ අරමුණ යි.
පුළුල් ලෙස ඉඩම් රාජසන්තක කිරීම ද ඊට අයත් බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
ඒ අනුව නවසීලන්ත පාර්ලිමේන්තුව විසින් බ්‍රහස්පතින්දා (ජනවාරි 30) තාරනාකි මෞංගා සාමූහික වන්දි පනත් කෙටුම්පත නීතියක් ලෙස සම්මත කළ අතර ඒ, කන්දට නීත්‍යනුකූල නමක් ලබා දෙමින් සහ එහි අවට කඳු මුදුන් සහ භූමිය ආරක්ෂා කිරීම තහවුරු කර තිබෙනවා.