Latest News

ගාසාහි වෙසෙන දරුවන් 2,500ක් ඉවත් කරගන්නා ලෙස ජගත් සංවිධානයෙන් ඉල්ලීමක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගාසා තීරයේ ඇති වූ යුද්ධයේදී තුවාල ලැබූ ළමයින් 2,500ක් ඉවත් කරන ලෙසට එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් එරට බලධාරීන්ගෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

ඉදිරි සති කිහිපය තුළ ළමයින් බොහෝ පිරිසක් ප්‍රතිකාර නොමැති වීම හමුවේ මියයෑමේ අවදානමක් මත ඔහු මෙලෙස පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පසුගිය මාස 15ක් පුරා පැවති ඊශ්‍රායලය සහ ගාසා යුද්ධයේදී ප්‍රහාරවලින් තුවාල ලබා රෝහල් ගත කර පිරිස් අතර ළමයින් 2,500කට ආසන්න සංඛ්‍යාවක් සිටින නමුත් හදිසි ප්‍රතිකාර අවශ්‍ය ඖෂධ නොමැති බවට එහි නිරික්ෂණයේ නිරත වූ අමෙරිකානු වෛද්‍යවරුන් පිරිසක් සදහන් කර තිබෙනවා.

World News

Send your contact Details Today