ලොව බලවත්ම ගුවන් හමුදාවන්ගේ ගෝලීය ශ්‍රේණිගත කිරීම අනුව ඉන්දීය ගුවන් හමුදාව ලොව සිව්වන බලවත්ම ගුවන් බලකාය බවට පත්වී තිබෙනවා.
ප්‍රහාරක ජෙට් යානා, හෙලිකොප්ටර් සහ ආධාරක ගුවන් යානා ඇතුළු ගුවන් හමුදාවන්ගේ බලඇණිය මත පදනම්වයි වාර්තාව සකස් කර ඇත්තේ.
මෙම ශ්‍රේණිගත කිරීම්වල කැපී පෙනෙන විශේෂත්වයක් වන්නේ ඉන්දීය ගුවන් හමුදාව ලොව බලවත්ම ගුවන් හමුදා පහ අතරට පැමිණීමයි.
ඒ අනුව ඉන්දියාවට සිව්වන ස්ථානය හිමිව ඇති අතර වාර්තාවට අනුව ඉන්දීය ගුවන් හමුදාව සතුව ගුවන් යානා 2,229 ක් පවතිනවා.
ඒ, ප්‍රහාරක ජෙට් යානා 53ක්, හෙලිකොප්ටර් 899ක් සහ ආධාරක ගුවන් යානා 831ක් වශයෙන්.
ඉන්දීය ගුවන් හමුදාව, ලොව බලවත්ම ගුවන් හමුදාවන් අතර තම ස්ථානය පවත්වා ගැනීම සඳහා සිය හැකියාවන් තවදුරටත් ඉහළ නංවා ඇතැයි ද වාර්තා වනවා.
එම වාර්තාවට අනුව ලොව බලවත්ම ගුවන් හමුදා අතර පළමුවන හා දෙවන ස්ථාන පිළිවෙළින අමෙරිකාව සහ රුසියාව සතුයි.