Latest News

ලෝක ප්‍රසිද්ධ නයගරා දිය ඇල්ල, සීතල නිසා හැඩවෙයි (VIDEO)

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවේ සහ කැනඩාවේ ඇතැම් කලාප වෙත මේ දිනවල අධික ශීත කාලගුණයක් බලපා තිබෙනවා.

ඒ අනුව ලෝක ප්‍රසිද්ධ නයගරා දිය ඇල්ලේ හිම සහ අයිස් මිදී ගොස් ඇති අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ලෝක ප්‍රසිද්ධ නයගරා දිය ඇල්ල සෑදී තිබෙන්නේ දිය ඇලි තුනක එකතුවකින්.

එය කැනඩාවේ ඔන්ටාරියෝ සහ අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් අතර පවතින දේශසීමාව අසලින් ඇද හැලෙනවා.

විදෙස් මාධ්‍ය මෙලෙසින් වාර්තා කර ඇත්තේ නිව්යෝර්ක් සිට බැලූ විට නයගරා ඇල්ල දිස්වන ආකාරයයි.

නයගරා පාර්ක්ස් බලධාරීන්ට අනුව දරුණු ශීත කාලගුණයක් මධ්‍යයේ වුවත් නයගරා ඇල්ල කිසිදු විටෙක සම්පූර්ණයෙන් මිදී යන්නේ නැහැ.

උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ මට්ටමක පවතින අවස්ථාවක දී වුවත් 1848න් පසුව නයගරා ඇල්ල සම්පූර්ණයෙන් මිදී ගොස් නොමැති බවද වාර්තා වනවා.

ඒ අනුව අයිස් තට්ටුවට යටින් ජලය ගලායාම අඛණ්ඩව සිදුවනවා.

සෑම මිනිත්තුවකටම වරක්ම ඝන මීටරයකට ඒකක එක් ලක්ෂ හැට අට දහසක් පමණ ජලය මෙම දියඇල්ල හරහා ගලා බසින අතර දිය ඇල්ල පාමුල මීදුම සහ සුළං දරුණු ලෙස පවතිනවා.

මේ හේතුවෙන් නයගරා දිය ඇල්ල හරහා පිහිනීමේ හැකියාවක් නැහැ.

ඒ වෙත වෙත සංචාරය කිරීමට සුදුසුම කාලවකවානුව ලෙස සැලකෙන්නේ ජූනි සිට අගෝස්තු දක්වා කාලයයි.

World News

Send your contact Details Today