අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වන්දි ලෙස අමෙරිකන් ඩොලර් මිලියන 25ක මුදලක් ලබා දීමට Meta සමාගම එකඟත්වය පළකර තිබෙනවා.
2021 වසරේ ජනවාරි 06වන දින අමෙරිකාවේ කැපිටල් ගොඩනැගිල්ල ඉලක්ක කර ගනිමින් කැරළිකරුවන් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ Facebook ඇතුළු Meta සමාගමට අයත් ගිණුම් අක්‍රිය කිරීමට එම සමාගම පියවර ගත්තා.
ඊට විරුද්ධව ඩොනල්ඩ් ට්‍රම්ප් නඩු පැවරීමටයි කටයුතු කළේ.
එම වන්දි මුදලින් ඩොලර් මිලියන 22ක ප්‍රමාණයක් ට්‍රම්ප් පිහිටුවීමට නියමිත ජනාධිපති පුස්තකාලයට ප්රදානය කෙරෙන අතර ඉතිරි මුදල නඩු වියදම් ලෙස ලබාදීමට නියමිතයි.
මෙවර ජනාධිපතිවරණයේදී ට්‍රම්ප්ට මීට ඉහත දී විරෝධය පළකළ මාර්ක් සකර්බර්ග් ඇතුළු ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් රැසක් සහාය දැක්වීමට ඉදිරිපත්වුවා.