ගෝලීය දේශගුණික විපර්යාසවලට හේතුවී ඇති කාබන් විමෝචනයට විසඳුම් සෙවීමේ ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාව පළමුවරට නිෂ්පාදනය කළ පරිසර හිතකාමී ජල වාෂ්පවලින් ක්‍රියා කරන හයිඩ්රජන් දුම්රිය ලබන මාර්තු මස ක්‍රියාත්මක කිරීමට ඉන්දීය දුම්රිය අමාත්‍යාංශය සැලසුම් කර තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
ඩීසල් දුම්රියේ සිට විදුලි දුම්රිය හරහා ජල වාෂ්ප දුම්රිය දක්වා හුවමාරු වීම ඉන්දීය දුම්රිය ප්‍රවාහන ක්ෂේත්රයේ නව විප්ලවයක් බවයි එරට දුම්රිය නිෂ්පාදන සමාගමේ සාමාන්‍යාධිකාරි යූ.සුබා රාඕ ප්‍රකාශ කර ඇත්තේ.
චෙන්නායි නුවර පිහිටි ඒකාබද්ධ දුම්රිය නිෂ්පාදන සමාගම විසින් නිපදවනු ලැබූ එම දුම්රිය හරිත ප්‍රවාහන තාක්ෂණයේ ප්‍රගතියක් අත්කර ගනු ඇතැයි ද, ඉන් දේශගුණික විපර්යාසවලට විශාල දායකත්වයක් සපයනු ඇතැයි ද වාර්තා වනවා.
වසර 2023-24 මූල්‍ය වර්ෂයේදී හයිඩ්රජන් දුම්රිය 35ක් නිෂ්පාදනය කිරීම සඳහා එරට දුම්රිය අමාත්‍යාංශය විසින් රුපියල් කෝටි 2,800ක් වෙන් කර ඇතැයි ද ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.