ඊශ්‍රායලය විසින් පලස්තීන සිරකරුවන් 110 දෙනෙකු නිදහස් කර තිබෙනවා.
ඒ ගාසා තීරයේ රඳවා තබා ගෙන සිටි ඊශ්‍රායල ජාතිකයින් තිදෙනෙකු සහ තායි ජාතිකයින් පස් දෙනෙකු හමාස් සටන් කාමීන් විසින් නිදහස් කිරිමත් සමඟයි.
කෙසේ වෙතත් හමාස් ග්රහනයේ සිටි ඊශ්‍රායල කාන්තාවක් නිදහස් කරන අවස්ථාවේදී අනුගමනය කළ ක්රියාකලාපයක් හේතුවෙන් ඊශ්‍රායලයේ සිරකරුවන් නිදහස් කිරීම ඊශ්‍රායල අගමැති විසින් පැය කිහිපයක් ප්‍රමාද කර තිබෙනවා.
දින 470කට පසුව පලස්තීන සිරකරුවන් ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් සමඟ නැවත එක්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ අතර පසුගිය වසරේ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ මියගිය තම සංවිධානයේ හමුදා ප්‍රධානියා වන මොහොමඩ් ඩීෆ් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ අණ දෙන නිලධාරීන්ගේ මරණද හමාස් නිළධාරින් විසින් තහවුරු කර තිබෙනවා.