Latest News

අමෙරිකා ගුවන් අනතුර: ගුවන් යානයේ කළු පෙට්ටිය සොයා ගැනේ

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවේ වොෂින්ටන් අගනුවරදී ඊයේ (30) අනතුරට පත්වූ ගුවන් යානයේ කළු පෙට්ටිය සොයා ගෙන තිබෙනවා.

හෙළිකොප්ටර් යානයක් හා මගී ප්‍රවාහන ගුවන් යානයක් ඊයේ (30) දිනයේ වොෂින්ටන් අගනුවරදී උඩු ගුවනේදී ගැටීමට ලක්වුණා.

එම යානා දෙකේම ගමන් කළ මගීන් හා කාර්ය මණ්ඩලය සියලු දෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඇමෙරිකා බලධාරීන් සඳහන් කරන්නේ.

ගුවන් යානයේ 64 දෙනෙකු ගමන් කර ඇති අතර හෙළිකොප්ටර් යානයේ තුන් දෙනෙකු ගමන් කර ඇති බව වාර්තා වනවා.

රේගන්, වොෂින්ටන් ජාතික ගුවන්තොටුපොළේ ගුවන් යානා පාලක මැදිරිය තුළ සේවකයින් දෙදෙනෙකු සේවය කළ යුතු වුවද අනතුර සිදුවන අවස්ථාවේ එහි රැදී සිට ඇත්තේ එක් අයෙකු පමණක් බවයි මේ වන විට අනාවරණය වී ඇත්තේ.

ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක බව බලධාරීන් පවසනවා.

එහි පළමු වාර්තාව දින 30 ක් ඇතුළත ලබා දෙන බවයි අමෙරිකාවේ ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය නිවේදනය කරන්නේ.

World News

Send your contact Details Today