Latest News

ට්‍රම්ප්ගේ තීරණයක් නිසා පාකිස්තානය සෙලවෙයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කරන ලද විධායක නියෝගයකට අනුව පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

AFCP, USAID ව්‍යාපෘති ගණනාවක් මෙම පියවර මගින් ක්ෂණිකව අත්හිටුවා තිබෙන බව ද පාකිස්තාන මාධ්‍ය වාර්තා කරනවා.

මෙම තීරණය හේතුවෙන් බලශක්ති ක්ෂේත්‍රයට අදාළ ව්‍යාපෘති පහක් ද ඇනහිට ඇති බවයි වාර්තා වන්නේ.

අමෙරිකාවේ මෙම පියවර පාකිස්තානයේ ක්‍රියාත්මක සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය, ජීවනෝපාය සහ ආහාර සුරක්ෂිතතාව, ගංවතුර, දේශගුණය සහ අධ්‍යාපනය සම්බන්ධ බොහෝ ව්‍යාපෘතිවලට ද බලපෑම් එල්ල කරනු ඇතැයි පැවසෙනවා.

World News

Send your contact Details Today