Latest News

ඊශ්‍රායල ප්‍රාණ ඇපකරු ගිවිසුමේ තෙවන හුවමාරුව අදයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකු සහ තායි ජාතිකයන් පස් දෙනෙකු හමාස් සංවිධානය විසින් අද (30) ගාසා තීරයෙන් නිදහස් කරනු ඇතැයි අපේක්ෂා කරන බව ඊශ්‍රායලය පවසනවා.

ඊට කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු ඇතුළත්.

ඒ අනුව 29 හැවිරිදි අර්බෙල් යෙහුඩ් සහ 20 හැවිරිදි හමුදා නිරීක්ෂක අගම් බර්ගර් මෙනම් 80 හැවිරිදි ගාඩි මෝසෙස් නම් කර ඇති බවයි ඊශ්‍රායලය පවසන්නේ.

තුන්වන ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමවන මේ වෙනුවෙන් පලස්තීන ජාතිකයන් 110 දෙනෙකු ඊශ්‍රායල බන්ධනාගාරවලින් නිදහස් කරනු ඇති.

මීට අමතරව තායි ප්‍රාණ ඇපකරුවන් පස් දෙනෙකුද නිදහස් කිරීමට නියමිත අතර, එය ගිවිසුමේ කොටසක් නොව හමාස් සංවිධානයේ ඒකපාර්ශ්වික පියවරක් බව සඳහන්.

නමුත් තවමත් ඔවුන්ගේ නම් ප්‍රසිද්ධ කර නොමැති අතර, ඔවුන් ඊශ්‍රායලයෙන් පැහැර ගන්නා ලද කෘෂිකාර්මික කම්කරුවන් බවයි වාර්තා වන්නේ.

තායිලන්ත රජය පවසා ඇත්තේ තම පුරවැසියන් හය දෙනෙකු තවමත් ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගෙන ඇති බවයි.

ඊශ්‍රායලය විසින් නිදහස් කිරීමට නියමිත පලස්තීන සිරකරුවන් 110 දෙනාගේ නම් ද ප්‍රසිද්ධ කර නොමැති නමුත්, ඔවුන් අතර කාන්තාවන් සහ ළමුන් 30 දෙනෙකු මෙන්ම ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ සිරකරුවන් ද සිටින බව සඳහන්.

ජනවාරි 19 වන දින සිට ගාසා තීරයේ සටන් විරාමය ක්‍රියාත්මක වූ දා සිට, ඊශ්‍රායල බන්ධනාගාරවල රඳවා සිටින පලස්තීන සිරකරුවන් 290 කට වැඩි පිරිසක් නිදහස් කර තිබෙනවා.

World News

Send your contact Details Today