Latest News

ඇදහිලි කණ්ඩායමේ 14 ක් නිසා දියවැඩියා රෝගී දැරියකට දිවි අහිමිවෙයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඕස්ට්‍රේලියාවේ ආගමික කණ්ඩායමක සාමාජිකයින් 14 දෙනෙකු, වයස අවුරුදු 8ක දියවැඩියා රෝගී දැරියකට සතියකට ආසන්න කාලයක් ඉන්සියුලින් ලබා නොදී ඇයව මරණයට පත් කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් බවට පත්කර තිබෙනවා.

එලිසබෙත් ස්ට්‍රුස් නම් මෙම දැරිය 2022 වසරේදී මිය ගියේ දියවැඩියා කීටෝඇසිඩෝසිස් තත්ත්වය හේතුවෙන් රුධිරයේ සීනි ප්‍රමාණය මාරාන්තික ලෙස ඉහළ යාමෙන්.

‘සාන්තුවරයෝ’ (Saints) ලෙස හැඳින්වෙන මෙම කණ්ඩායම වෛද්‍ය ප්‍රතිකාර ප්‍රතික්ෂේප කර ඇති අතර, දෙවියන් වහන්සේ ඇය සුව කරනු ඇතැයි විශ්වාස කර ඇති බව අධිකරණයේදී හෙළිවුණා.

දැරියගේ පියා වන ජේසන් ස්ට්‍රුස් සහ කණ්ඩායමේ නායක බ්‍රෙන්ඩන් ස්ටීවන්ස් යන අය ඝාතන චෝදනාවලට මුහුණ දුන් නමුත්, නඩු විභාගයෙන් පසු ඔවුන් මනුෂ්‍ය ඝාතන චෝදනාවට වරදකරුවන් බවට පත් කෙරුණා.

දැරියගේ මව සහ සහෝදරයා ඇතුළු අනෙකුත් සාමාජිකයින් 12 දෙනාද මනුෂ්‍ය ඝාතන චෝදනාවට වරදකරුවන් වූ අතර, සියලු දෙනාම නිර්දෝෂී බව පවසා තිබුණා

පිටු 500කට ආසන්න තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මාටින් බර්න්ස් මහතා පැවසුවේ, එලිසබෙත්ගේ දෙමාපියන් සහ “සියලුම චෝදනා ලැබූවන් ඇතුළු සභාවේ සෑම සාමාජිකයෙකුම” ඇයට ආදරය කළ බව පැහැදිලි වුවත්, ඔවුන්ගේ ක්‍රියා කලාපය ඇයගේ මරණයට හේතු වූ බවයි.

World News

Send your contact Details Today