Latest News

චන්ද්‍ර අලුත් අවුරුද්ද උදා වෙයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ආසියාව පුරා සහ ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් අද චන්ද්‍ර අලුත් අවුරුද්දේ ආරම්භය සනිටුහන් කරනවා.

එය සර්පයාගේ වර්ෂයේ පැමිණීම සනිටුහන් කරන බවයි චීන ජෝතීශ්‍යයේ දැක්වෙන්නේ.

චන්ද්‍ර දින දර්ශනයේ පළමු නව සඳ සනිටුහන් කරමින්, දින 15 ක උත්සව කාලය ජනවාරි 29 සිට ආරම්භ වන අතර එය පෙබරවාරි 4 දක්වා දිවෙනවා.

චන්ද්‍ර අලුත් අවුරුද්ද චීනයේ සහ අනෙකුත් චීන ප්‍රජාවන්හි අයට වසරේ වැදගත්ම උත්සවය බව සඳහන්.

කොරියාව, වියට්නාමය සහ ආසියාවේ අනෙකුත් රටවලට ද එය වැදගත් උත්සවයක් ලෙස සමරනු ලබනවා.

චන්ද්‍ර අලුත් අවුරුද්දේ පළමු දින දෙක සාමාන්‍යයෙන් වඩාත්ම වැදගත් වන අතර, එහිදී ජනතාව තම පවුල් හමුවට ගොස් ගොස් තෑගි හුවමාරු කර ගන්නා අතර චීන අලුත් අවුරුද්ද විශාල මංගල්‍යයක් ලෙස සැමරෙන්නක්.

ආසියාවේ බොහෝ දෙනෙකුට සහ ලොව පුරා සමහර ආසියානු ප්‍රජාවන්ට වසරේ වැදගත්ම සිදුවීම ලෙස සලකනු ලබන චන්ද්‍ර අලුත් අවුරුද්ද නැවුම් ආරම්භයක් නියෝජනය කරනවා.

World News

Send your contact Details Today