චීන රාශි ක්‍රමයට අනුව නයාගේ වසර ලෙස හැඳින්වෙන 2025 නව වසරේ උදාව හෙවත් වසන්ත උත්සවයේ ආරම්භය සැමරීම අද (28) රාත්‍රියෙන් ආරම්භ කෙරෙනවා.
ඒ හෙටින් (29) උදාවන චීන නව වසර පිළිගැනීම වෙනුවෙන් චීන මාධ්‍ය සමූහය විසින් පවත්වන “වසන්ත උත්සව ගාලා” ප්‍රසංගය බෙයිජිං වේලාවෙන් (අද) රාත්‍රී 8:00 ට ගෝලීය ප්‍රේක්ෂකයින් වෙත මුදා හැරීමත් සමඟයි.
ලොව රටවල් 200කට අධික සහ 3,000 ඉක්මවූ කලාපයන් හි මාධ්‍ය ආයතන ඔස්සේ විකාශය කෙරෙන මෙම “වසන්ත උත්සව ගාලා ප්‍රසංගය” ලොව වැඩිම ප්‍රේක්ෂක පිරිසක් නරඹන ලද අලුත් අවුරුදු සංස්කෘතික හා කලාත්මක වැඩසටහන බවට ද වාර්තා අතරට එක්වී තිබෙනවා.
අති නවීන තාක්ෂණික ප්‍රයෝග සමඟින් විචිත්‍රවත් වූ දැවැන්ත වේදිකාවන් හි රඟ දැක්වෙන අංග රැසකින් සමන්විත මෙම ප්‍රසංගය, වසන්ත උත්සවය සහ චීන සංස්කෘතියේ අසිරිය පිළිබඳ නැවුම් ප්‍රාසාංගික අත්දැකීමක් ලොවට සමීප කිරීම විශේෂත්වයක් වනවා.