Latest News

ලොව උසින් වැඩිම දුම්රිය පාලම ඉන්දියාවේ ඉදිකෙරේ

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියාවේ ඉදිකෙරුණු ලොව උසින් වැඩිම දුම්රිය පාලම වන චේනාබ් පාලම මතින් පසුගියදා පළමුවරට සාර්ථකව දුම්රියක් ධාවනය කිරීමට ඉන්දියාව සමත් වුණා.

පාලමට ගැළපෙන ලෙස විශේෂයෙන් නිර්මාණය කළ, වන්දේ භාරත් දුම්රියක් මෙම පාලම මතින් ධාවනය කිරීමට ඉන්දීය බලධාරීන් කටයුතු කළා.

වන්දේ භාරත් දුම්රියන් යනු ඉන්දීය ඉංජිනේරුවන්ගේ තාක්ෂණය පමණක් උපයෝගී කරගනිමින් නිර්මාණය කරන ලද අධිවේගී දුම්රිය විශේෂයක්.

ඒ අනුව චෙනාබ් පාලම මතින් ගමන් කළ මෙම දුම්රිය අත්හදා බැලීමේ චාරිකාව, ශ්‍රී මාතා වයිෂ්නෝ දේවි දුම්රිය ස්ථානයේ සිට ශ්‍රී නගර් දුම්රිය ස්ථානය දක්වා ගමන් කර තිබෙනවා.

ඉන්දියාවේ පළමු කේබල් ආධාරක දුම්රිය පාලම වන මෙම චේනාබ් පාලම මගින් ජම්මු හා කාෂ්මීර නිම්න එකිනෙක යා කෙරෙනවා.

World News

Send your contact Details Today