Latest News

අමරිකානු අධිකරණ දෙපාර්තමේන්තු සේවකයින් පිරිසක් සේවයෙන් නෙරපීමට තීරණයක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් මීට පෙර විමර්ශන කටයුතුවල නිරත වූ එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තු සේවකයින් දුසිමකට වැඩි සංඛ්‍යාවක් සේවයෙන් පහ කර තිබෙනවා.

ඇමරිකානු නව ජනධිපතිවරයාගේ තීරණයකට අනුව වැඩබලන නීතිපති ජේම්ස් මැක්හෙන්රි මෙම ක්‍රියා මාර්ගය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම පිරිසට ජනාධිපතිවරයාගේ න්‍යාය පත්‍රය විශ්වාසවන්තව ක්‍රියාත්මක කිරීමට නොහැකි බවයි වැඩබලන නීතිපතිවරයා පවසා ඇත්තේ.

ජනාධිපතිවරයාට පක්ෂපාත නොවන සේවකයින් රජයෙන් ඉවත් කිරීමට පරිපාලනයේ අධිෂ්ඨානය මෙම ක්‍රියාමාර්ගය මඟින් පිළිබිඹු කරන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.

මේ අතර ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් සංක්‍රාන්ති ලිංගික හමුදා සේවා සාමාජිකයින්ට අදාළ විධායක නියෝග තුනකට අත්සන් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව කොවිඩ් එන්නත ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් නිදහස් කරන ලද භට පිරිස් නැවත සේවයේ පිහිටුවීමට සහ විවිධත්වය, සමානාත්මතාවය සහ ඇතුළත් කිරීමේ වැඩසටහන්වලට අදාළ විධායක නියෝගවලට අත්සන් කිරීමට අපේක්ෂා කෙරෙනවා.

World News

Send your contact Details Today