Latest News

ලෝක නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයෙන් චීනය පළමු තැනට

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලොව නැව් ඉදිකිරීමේ ක්ෂේත්‍රය තුළ අඛණ්ඩව 15 වැනි වරටත් පළමු ස්ථානය චීනයට ලැබී තිබෙන බව එරට CCTV පුවත් සේවය වාර්තා කරනවා.

ඒ අනුව ගෝලීය නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ ශ්‍රේණිගත කිරීම් තුනකින් පළමු ස්ථානයට චීනය පත්වූ බවයි චීනයේ කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය විසින් පසුගියදා නිකුත් කරනු ලැබූ 2024 වසරේ දත්ත සංඛ්‍යාලේඛනවලින් හෙළි වී ඇත්තේ.

පසුගිය වසරේ ජනවාරියේ සිට දෙසැම්බරය දක්වා ලොව පුරා නැව් ඉදිකිරීම්වලින් 55.7%ක් චීන සමාගම් විසින් සිදු කරනු ලැබූ බව ද එරට CCTV පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළා.

කෙසේ වුවද චීනය නැව් ඉදිකිරීමේ ගෝලීය වෙළෙඳපොළේ වැඩිම කොටස්කරුවා බවට පත්වීම සඳහා නිසි ක්‍රමවේදය භාවිත නොකරන බවට අමෙරිකාව චෝදනා කර ඇති අතර, ට්‍රම්ප් රජයේ පරිපාලනය යටතේ මීළඟ අමෙරිකා – චීන වෙළෙඳ යුද්ධය නැව් ඉදිකිරීමේ ක්ෂේත්‍රය වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

මේ අතර සමුද්‍රීය සහ සැපයුම් භාවිතයන් නිසි ක්‍රමවේදයෙන් පහළ මට්ටමක පවතින බව ද අමෙරිකාව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

World News

Send your contact Details Today