බැංකොක් හි දිස්ත්‍රික්ක 38 ක වායු තත්ත්වය ඒකක 2.5 ආරක්‍ෂිත මට්ටම ඉක්මවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව නොන්ග් චොක් දිස්ත්‍රික්කය මෙහි වඩාත් බලපෑමට ලක් ව තිබෙන බව සඳහන්.
වෙහෙසකර එළිමහන් ක්‍රියාකාරකම් හෝ ව්‍යායාම සඳහා ගත කරන කාලය සීමා කරන ලෙස සාමාන්‍ය ජනතාවට උපදෙස් දී තිබෙන බව විදෙස් වාර්තාවල සඳහන් වනවා.
කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතාව, හෝ ඇස් කැසීම වැනි රෝග ලක්ෂණ ඇතිවීමේ අවදානමක් ද මතුවනු ඇති බව නිරීක්ෂණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එවැනි තත්ත්වයකදී වෛද්‍ය උපදෙස් පිළිපැදිය යුතු අතර මෙම තත්ත්වය හේතුවෙන් පිටතට යන සෑම අවස්ථාවකම මුව ආවරණයක් පැළඳීම ද අනිවාර්ය කර තිබෙන බව සඳහන්.