Latest News

කොරියානු ජනාධිපතිවරයාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හෝ මරණ දඬුවම?

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දකුණු කොරියාවේ දෝෂාභියෝගයට ලක් වූ ජනාධිපති යූන් සුක් යූල්ට කැරැල්ලක් මෙහෙයවු බවට චෝදනා එල්ල වනවා.

පසුගිය දෙසැම්බර් මාසයේදී යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමට උත්සාහ කිරීමෙන් පසු ඔහු මෙලෙස කැරැල්ලක් මෙහෙයවූ බවටයි චෝදනාවට ලක්ව ඇත්තේ.

හමුදා පාලනයක් පැනවීමට ඔහු දැරූ අවාසනාවන්ත උත්සාහය රට පෙර නොවූ විරූ දේශපාලන අර්බුදයකට ඇද අහමා ඇති අතර, බලයේ සිටියදී අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා ලත් පළමු දකුණු කොරියානු ජනාධිපතිවරයා ලෙස ඔහු ඉතිහාසයට එක්ව අවසන්.

මේ අතර යූන්ගේ රඳවා තබා ගැනීමේ කාලය දීර්ඝ කිරීම සඳහා කළ ඉල්ලීමක් සෝල්හි අධිකරණයක් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මේ අනුව ඔහුට චෝදනා එල්ල කරනවාද නැතහොත් නිදහස් කරනවාද යන්න පිළිබඳව නඩු පවරන්නන්ට තීරණයක් ගැනීමට සිදු වනු ඇති.

කැරැල්ලකට නායකත්වය දීම මගින් දකුණු කොරියාවේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හෝ මරණ දඬුවම නියම කළ හැකියි.

කෙසේ වෙතත්, දශක ගණනාවක් තිස්සේ දකුණු කොරියාව මරණ දඬුවම ක්‍රියාත්මක කර නොමැති බැවින් දෙවැන්න සිදුවිය නොහැක්කක් බව විචාරකයන් පවසනවා.

World News

Send your contact Details Today