Latest News

ඉන්දීය ජනරජ දින පෙළපාළියට ආ රොබෝ සුනඛයින් (VIDEO)

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියාව ඊයේ (26) සිය 76 වන ජනරජ දිනය සැමරුවා.

ඒ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් කොක්කටා හිදීයි.

මෙම ජනරජ දින පෙළපාළිය සඳහා එක්කර සිටි ‘MULE’ නම් රොබෝ සුනඛ කණ්ඩායම කාගේත් අවදානයට යොමු වූ අංගයක් බවට පත් වුණා.

ඉන්දීය හමුදාවේ රොබෝ සුනඛයන් වන ‘MULE’ ජනරජ දින පෙළපාළියක් සඳහා යොදාගත්තේ පළමුවරට වීම විශේෂත්වයක්.

ඉන්දියානු හමුදාව පවසන ආකාරයට මෙම රොබෝ සුනඛයින් දේපල ආරක්ෂාව, රසායනික, ජීව විද්‍යාත්මක න්‍යෂ්ටික යුධ අවස්ථා ඇතුළු මෙහෙයුම් සඳහා යොදාගැනීමට හැකියව පවතිනවා.

එමෙන්ම පුපුරණ ද්‍රව්‍ය හඳුනාගැනීම සහ බුද්ධි අංශ සහ නිරීක්ෂණ සඳහා ද භාවිතා කළ හැකි ආකාරයටයි මෙම ‘MULE’ නම් රොබෝ සුනඛන් නිර්මාණය කර ඇත්තේ.

මෙම රොබෝ සුනඛයන්ට කිලෝග්‍රෑම් 15ක බරක් රැගෙන යා හැකි අතර, සෙල්සියස් අංශක ඍණ 40 සිට සෙල්සියස් අංශක 55 දක්වා අධික උෂ්ණත්වවලදී ක්‍රියාත්මකවීමේ හැකියාව ද පවතිනවා.

ඉන්දීය හමුදාව මේ වන විට විවිධ ඒකක සඳහා රොබෝ සුනඛයන් 100 කගේ සේවාව ලබාගන්නා බවයි වාර්තා වුණේ.

World News

Send your contact Details Today