Latest News

ගාසා වැසියන්ට, නිවෙස් වෙත නිදහසේ ගමන් කිරීමට ඊශ්‍රායලයෙන් අවසර

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගාසා වැසියන්ට නිවෙස් වෙත නිදහසේ ගමන් කිරීමට ඊශ්‍රායලය අවසර ලබාදී තිබෙනවා.

ඒ ප්‍රාණ ඇපකරුවන් හය දෙනෙකු නිදහස් කිරීම හමාස් සටන්කාමීන් තීරණය කිරීමත් සමඟයි.

හමාස් සංවිධානය මේ සතියේ ප්‍රාණ ඇපකරුවන් හය දෙනෙකු නිදහස් කිරීමට නියමිතයි.

මේ හේතුවෙන් අද (27) සිට ගාසා වැසියන්ට සිය නිවෙස් වෙත යාමට ඊශ්‍රායලය අවසර ලබා දුන් බවයි අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ.

දෙපාර්ශවය අතර සටන් විරාම ගිවිසුම බලාත්මක වූ දා සිට ප්‍රාණ ඇපකරුවන් හත් දෙනෙකු හා සිරකරුවන් 200 කට වැඩි පිරිසක් නිදහස් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මේ අතර උතුරු ගාසා තීරයට පැමිණීමට උත්සාහ කරන දහස් ගණන් පලස්තීනුවන් අවසන් හමුදා බාධකය අසලට රැස්වී දින දෙකක කාලයක් ගත කළා.

සටන් විරාමක් හා ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුම ජනවාරි පසුගිය 19වන දා සිට ක්‍රියාත්මක වනවා.

මේ වන විට අවස්ථා 2කදී සිරකරුවන් හුවමාරු කරගෙන තිබෙනවා.

World News

Send your contact Details Today