Latest News

කොවිඩ් ගැන CIA වෙතින් නව තක්සේරුවක්

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කොවිඩ් වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් අමෙරිකාවේ CIA බුද්ධි ඒජන්සිය නව තක්සේරුවක් ලබාදී තිබෙනවා.

ඒ අනුව කොවිඩ් වෛරස සතෙකුගෙන් ව්‍යාප්තවීමට ඇති හැකියාවට වඩා එය රසායනාගාරයකින් පිටවී ඇති බවටයි CIA බුද්ධි ඒජන්සිය සඳහන් කරන්නේ.

කෙසේ වුවද එහි නිරවද්‍යතාව සම්බන්ධයෙන් 100%ක් සහතික විය නොහැකි බවද එම ඒජන්සිය තවදුරටත් පවසනවා.

වසංගත ව්‍යාප්තිය, ස්වභාවික සම්භවයකට වඩා වැඩි පර්යේෂණ ආශ්‍රිත සම්භවයක් පවතින්නක් බවයි CIA බුද්ධි ඒජන්සිය නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ.

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධුරයේ වැඩ භාරගැනීමෙන් පසු පත් කරන ලද CIA නව අධ්‍යක්ෂවරයාගේ පළමු රාජකාරිය ලෙසද මෙම වාර්තාව නිකුත් කිරීම දැක්විය හැකියි.

World News

Send your contact Details Today