Latest News

සෝමාලි වෙරළේ අත්භූත ලෙස ඩොල්ෆින් මත්ස්‍යයින් මිය යයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සෝමාලියාවේ පුන්ට්ලන්ඩ් කලාපයේ වෙරළ තීරයෙන් මියගිය ඩොල්ෆින් 100 කට වැඩි ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.

ඔවුන්ගේ මරණයට හේතුව කුමක්දැයි නිලධාරීන් තවමත් තහවුරු කර නොමැති බවයි වාර්තා වන්නේ.

බොසාසෝ වරායට නුදුරින් මියගිය ඩොල්ෆින් මත්ස්‍යයින් 110 ක් සොයාගෙන ඇති අතර ඔවුන්ගේ සාම්පල ලබාගෙන ඇති බව කලාපයේ ධීවර අමාත්‍ය අබ්දිරිසාක් අබ්දුලාහි හගා රොයිටර්ස් පුවත් සේවයට පවසා තිබෙනවා.

මෙම සත්වයින්ගේ සිරුරුවල කිසිදු තුවාලයක් හෝ කැපුමක් නැති බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

මෙම මුහුදු ප්‍රදේශයේ අනෙක් මත්ස්‍යයින් ට බලපෑමක් සිදුව නැති නිසා යම් විෂ සහිත ද්‍රව්‍යයක බලපෑමෙන් මෙම සතුන් මරනයට පත්ව ඇතැයි සිතිය නොහැකි බවද ඔහු ප්‍රකාශ කරනවා.

කෙසේ වෙතත් මෙලෙස මරණයට පත්වූ ඩොල්ෆින් සත්වයින් විශාල වශයෙන් වෙරළට ගොඩ ගසා තිබීමෙන් මේ වන විට එම ප්‍රදේශයේ විශාල දුර්ගන්ධයක් ඇති කර තිබෙන බව සඳහන්.

World News

Send your contact Details Today