Latest News

දින 120ක් මුහුද යට, ලෝක වාර්තාවක් තැබූ මිනිසා මුහුදෙන් ගොඩ එයි (PHOTOS)

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දින 120ක කාලයක් ජලය යට ජීවත් වී ලෝක වාර්තාවක් පිහිටුවීමට ජර්මානු ජාතිකයෙකු සමත්ව තිබෙනවා.

රුඩිගර් කොච් නැමැති 59 හැවිරිදි පුද්ගලයෙක් මෙම ලෝක වාර්තාව පිහිටුවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම පුද්ගලයා මුහුද යට ඉදිකළ වර්ග මීටර් 30ක කැප්සියුලයක් තුළ මෙලෙස දින 120ක කාලයක් ජිවත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ජර්මානු අභ්‍යවකාශ ඉංජිනේරුවෙකුවන රුඩිගර් කොච් ජලය යට යට ඉදිකළ කැප්සියුල තුළ දින 120ක කාලය ගෙවා නිමකරමින් ඊයේ (24) දිනයේ ඉන් පිටතට පැමිණ තිබෙනවා.

මීට පෙර ඇමරිකානු ජාතික ජෝසප් ඩිටුරි විසින් ෆ්ලොරිඩා කලපුවක දිය යට ඉදිකළ ලැඟුම්හලක දින 100ක් ජීවත්වී පිහිටුවා තිබූ ලෝක වාර්තාව රුඩිගර් කොච් විසින් මෙලෙස බිඳ දමනු ලැබුවා.

රුඩිගර් කොච් දින 120ක කාලයක් ජීවත් වූ කැප්සියුලය මීටර් 11 මුහුද යට ඉදිකර තිබූ බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

කොච් ජීවත් වූ කැප්සියුලයේ ඇඳක්, වැසිකිළියක්, රූපවාහිනියක්, පරිගණකයක් සහ අන්තර්ජාලය පහසුකම් පවා තිබූ බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ජලය යට ජීවත්ඔවන කාලය තුළ ඔහුගේ ශරීර සෞඛ්‍ය මනාව පවතවාගෙන යාම සඳහා ව්‍යායාම බයිසිකලයක් පවා ඒ තුළ තිබූ බව සඳහන්.

කැප්සියුලය තුළ රඳවා තිබූ කැමරා හතරක් ඔස්සේ ඔහුගේ චලනයන් එම දින 120 තුළම රූගත කර ඇති අතර, ඒවා මඟින් ඔහුගේ දෛනික ජීවිතය, මානසික සෞඛ්‍යය නිරීක්ෂණය කර තිබෙනවා.

World News

Send your contact Details Today