Latest News

නිවස යටවෙනවාට විරුද්ධ වූ චීන සීයාගේ ගෙදර වටකර හැදූ අධිවේගී මාර්ගය

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අධිවේගී මාර්ග ව්‍යාපෘතියට ඉඩම් පවරා දීමට අකමැතිවූ වැඩිහිටි පියෙකු නිසා ඉදිකිරීම් වෙනස් කර මාර්ගය මැද්දේ නිවස ඉතිරිකර ඉදිකිරීම් සිදුකරන්නට සිදුවූ පුවතක් චීනයෙන් වාර්තා වනවා.

යුවාන් මිලියන 2.1ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි අටහමාරක්) වන්දි මුදල ප්‍රතික්ෂේප කළ චීන වැඩිහිටි පියෙකුගේ නිවස දෙපසින් මාර්ගය ඉදිකර ඇති අතර, ඔහු දැන් එම තීරණය ගැන පසුතැවිලි වන බවයි මාධ්‍ය වෙත පවසා ඇත්තේ.

ජින්ක්සි නගරයේ පදිංචි හුවාං පිං නම් වූ මෙම පුද්ගලයා දැන් තම දෙමහල් නිවසේ ජීවත් වන්නේ ඉදිකිරීම් භූමියක් මැද්දෙයී.

එම නිසා ඔහුට දිනපතා දූවිලි, ගොඩනැගිලි ශ්‍රමිකයන්ගේ ශබ්දය සහ බිත්ති කම්පනය වැනි තත්ත්වයන්ට මුහුණ දීමට සිදුව තිබෙනවා.

“මට කලින් ඉදිරිපත් කළ වන්දි මුදල පිළිගෙන නිවස කඩා දැමීමට එකඟ වුණා නම් හොඳයි. දැන් හැඟෙන්නේ මම ලොකු ඔට්ටුවක් පැරදුණා වගේ,” යැයි ඔහු පවසන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වූ ඡායාරූප වල පෙන්නුම් කරන්නේ නිවසේ වහලය අධිවේගී මාර්ගයේ මං තීරු දෙකේ මට්ටමට ආසන්නව පිහිටා ඇති ආකාරයයි. මාර්ගය නිවස මගහැර යන අතර පසුව නැවත එක් වනවා.

මෙම වැඩිහිටි පුද්ගලයා ජින්ක්සි දිස්ත්‍රික් පක්ෂ කමිටුවේ ලේකම්වරයා ලෙස කටයුතු කළ අයෙක් වන අතර ඔහු මින් පෙර සඳහන් කළේ තම 11 හැවිරිදි මුණුබුරා සමඟ ජීවත්වන හුවාං, රජයේ වන්දි මුදල ප්‍රමාණවත් නොවන බව පවසමින් ස්ථානය වෙනස් කිරීමට අකමැති වූ බවයි.

දිගු කාලයක සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු, බලධාරීන් විසින් අධිවේගී මාර්ග ඉදිකිරීම් කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා හුවාංගේ නිවස දෙපසින් මාර්ගය ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා.

මෙම සිද්ධිය නිසා ප්‍රදේශවාසීන් ඡායාරූප ගැනීම සඳහා එම ස්ථානයට පැමිණ ඇති අතර, චීන ජනතාව හුවාං හඳුන්වන්නේ “ශක්තිමත් ඇණ ගෙයි හිමිකරු” ලෙසයි. “ඇණ ගෙයක්” යනු දේපළ සංවර්ධනයට එරෙහිව සිටින පදිංචිකරුවන්ගේ නිවාස සඳහා චීනයේ භාවිතා කරන යෙදුමක්.

මෙවැනි නිවාස බොහෝ විට සුන්බුන් මැද හුදකලා වී පවතින අතර, සංවර්ධකයින් ඒවා වටා ගොඩනැගිලි ඉදිකරමින් ඉදිරියට යනවා.

2017 දී, ෂැංහයි නුවර පුළුල් මාර්ගයක රථවාහන ගමනාගමනයට බාධා කරමින් වසර 14ක් පමණ පැවති ප්‍රසිද්ධ “ඇණ ගෙයක්” ද අවසානයේ කඩා දමා තිබූ බවට වාර්තා පළ වුණා.

එහි පදිංචිකරුවන් 2003 සිට ලැබුණු සෑම වන්දි යෝජනාවක්ම ප්‍රතික්ෂේප කර ඇත්තේ වන්දි මුදල ප්‍රමාණවත් නොවන බව පවසමින්.

කෙසේ වෙතත්, අවසානයේ ඔවුන් කෝටි 11 ක වන්දි මුදලක් පිළිගෙන ස්ථානය හැර ගොස් තිබෙනවා.

මෙවැනි සිද්ධි චීනයේ නාගරික සංවර්ධනය සහ පුද්ගල දේපළ අයිතිය අතර ඇති ගැටුම් පෙන්නුම් කරන අතර, සංවර්ධන ව්‍යාපෘති සඳහා පුද්ගල නිවාස ඉවත් කිරීමේදී ඇතිවන සමාජ හා ආර්ථික බලපෑම් පිළිබඳව අවධානය යොමු කරනවා.

World News

Send your contact Details Today