Latest News

කුඩා ළමුන් අතර ජනප්‍රිය Digital Tab උපාංගයක් වහාම යළි කැඳවයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කෝල්ස් සුපිරි වෙළඳසැල්වල අළෙවි කරන ලද, ළමා චිත්‍ර ඇඳීම සදහා භාවිත කළ The VTronix digital drawing tablet නැමති උපකරණය වහාම යළි කැඳවා තිබෙනවා.

ඒ “දරුණු හෝ මාරාන්තික තුවාල” ඇති වේ යන බිය හේතුවෙන් බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

මෙම ටැබ් උපාංගය රෝස සහ නිල් පැහැයෙන් කෝල්ස් වෙළදසැල් හි අළෙවි කර තිබුණා.

2024 දෙසැම්බර් 30 සිට මේ වසරේ ජනවාරි 10 දක්වා කෝල්ස් වෙළදසැල් හි අළෙවි කර ඇති මෙම උපාංගයේ බැටරිය ආරක්ෂිත පිහිටා නොතිබීම හේතුවෙන් මෙලෙස කැඳවීමට පියවර ගත් බවයි දැනුම් දී ඇත්තේ.

බැටරිය ආරක්‍ෂාකාරිව පිහිටා නොතිබිමෙන් කුඩා දරුවන්ට උහසුවෙන් ඒ වෙත ප්‍රවේශ විය හැකි බව Safety Australia විසින් පෙන්වා දි තිබෙනවා.

එම බැටරි නොදැනුවත්ව ළමුන් ගිල දැමීමෙන් කුඩා දරුවන්ට හුස්ම හිරවීම, දරුණු අභ්‍යන්තර පිළිස්සුම් තුවාල හෝ මරණයට පත්විය හැකි බව සඳහන්.

මේ වන විටත් එම භාණ්ඩ මිලදීගත් පාරිභෝගිකයින් වහාම එම භාණ්ඩ භාවිතය නැවැත්විය යුතු අතර, භාණ්ඩය මිලදී ගත් ස්ථානයට එය ලබා දී ආපසු මුදල් ලබා ගන්නා ලෙස වැඩිදුරටත් දන්වා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ද විවිධ Online App හරහා ඇති භාණ්ඩ අතර මෙම Tab වර්ගය දක්නට හැකි වනවා.

World News

Send your contact Details Today