අමෙරිකා ඉතිහාසයේ වඩා සුවිශේෂී වූ ඝාතන ත්‍රිත්වයක් සම්බන්ධයෙන් වූ රහසිගත ලේඛන ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිලධාරීන්ට නියෝග කර තිබෙනවා.
ඒ අනුව ජෝන් එෆ් කෙනඩි, රොබට් එෆ් කෙනඩි සහ මාටින් ලූතර් කිං ජූනියර්ගේ ඝාතන තුනට අදාළ ලේඛන වර්ගීකරණය කිරීමට සැලසුම් කරන ලෙසයි දැනුම් දී ඇත්තේ.
පසුගිය බ්‍රහස්පතින්දා ඕවල් කාර්යාලයේ වාර්තාකරුවන්ට ට්‍රම්ප් පවසා ඇත්තේ “බොහෝ ජනතාව මෙය දශක ගණනාවක් තිස්සේ බලා සිටින දෙයක්“ බවටයි.
ඒ අනුව මේ ලේඛන තුළින් ඒ සියල්ල හෙළිවනු ඇතැයි ට්‍රම්ප් සදහන් කර තිබෙනවා.
දින 15 ක් ඇතුළත අදාළ ලේඛන ඉදිරිපත් කරන ලෙස නියෝගය ඉහළ පරිපාලන නිලධාරීන්ට නියෝග කර තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
හිටපු ජනාධිපති ජෝන් එෆ් කෙනඩි 1963 දී ඩලාස්හිදී ඝාතනය වුණා. එසේම ඔහුගේ සොහොයුරු රොබට් එෆ් කෙනඩි 1968 කැලිෆෝනියාවේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තරඟ කරමින් සිටියදී ඝාතනය කළා.
අමෙරිකාවේ වඩාත්ම ප්‍රසිද්ධ සිවිල් අයිතිවාසිකම් නායකයා වන මාටින් ලූතර් කිං, ද 1968 දී ඝාතනය වුණා.
මෙම ඝාතනවලට අදාළ විමර්ශන සම්බන්ධ බොහෝ ලියකියවිලි වසර ගණනාවක් තිස්සේ නිකුත් කර ඇතත් තවමත් ජනතාව තුළ ඇත්තේ නොවිසිදුණූ අබිරහසක්.