ලොව සුප්‍රසිද්ධ කෘතිම බුද්ධි (AI) මෙවලම වන ChatGPT භාවිතා කිරීමට නොහැකි බව දහස් ගණනක් ජනතාව වාර්තා කර තිබෙනවා.
ඒ අනුව වෙබ් අඩවි ඇනහිටීම් නිරීක්ෂණය කරන Down Detector, OpenAI විසින් සාදන ලද AI චැට්බොට් එක 10,000 කට අධික පිරිසක් වාර්තා කළ බවයි පෙන්නුම් කළේ.
එය භාවිතා කිරීමට උත්සාහ කරන පරිශීලකයින්ට “the web server reported a bad gateway error” යනුවෙන් පණිවිඩයක් ලැබි තිබුණා.
ගැටලුව සහ එය ඔවුන්ට ඇති කරන බාධාව ඉස්මතු කිරීමට බොහෝ අය සමාජ මාධ්‍ය වෙත යොමු වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ChatGPT හි තත්ව පිටුවේ (Status Page) සඳහන් වූයේ යෙදුම “experiencing elevated error rates” බවත් සමාගම “දැනට විමර්ශනය කරමින් සිටින” බවයි.
බොහෝ අය Chatbot හි නිදහස් අනුවාදය භාවිතා කළද, සමාගම එහි විවිධ සාමාජික ස්ථර සඳහා මසකට ඩොලර් 200 ක් දක්වා අය කරනවා.
OpenAI ප්‍රධානී සෑම් ඇල්ට්මන් දෙසැම්බර් මාසයේදී පැවසුවේ ලොව පුරා මිලියන 300 කට අධික ජනතාවක් සතිපතා ChatGPT භාවිතා කරන බවයි.
කෙසේවෙතත් පැය කිහිපයක බිඳවැටීමකින් පසුව මේ වන විට ChatGPT යළිත් යථා තත්ත්වයට පත් කර තිබෙන බවයි සමාගම නිවේදනය කර ඇත්තේ.