Latest News

එවරස්ට් කන්ද තරණය කිරීම සඳහා අවසර පත්‍ර ගාස්තු ඉහළට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එවරස්ට් කන්ද තරණය කිරීම සඳහා අවසර පත්‍ර ගාස්තු 35%කට වඩා වැඩි කර තිබෙනවා.

මෙලෙස ගාස්තු වැඩි කට ඇත්තේ දශකයකින් පසුවයි.

එමඟින් ලොව උසම කඳු මුදුන කඳු නගින්නන් සඳහා අධික මිලක් ගෙවීමට සිදුවණු ඇති බවයි නිලධාරීන් පවසන්නේ.

නේපාලය එවරස්ට් කන්ද ඇතුළුව ලොව උසම කඳු 14 න් අටකට නිවහන වනවා.

විදේශීය කඳු නගින්නන්ගේ අවසර පත්‍ර ගාස්තු සහ අනෙකුත් වියදම් වලින් ලැබෙන ආදායම, මුදල් හිඟ නේපාලයේ ආදායම් සහ රැකියා සඳහා ප්‍රධාන මූලාශ්‍රයක්.

මේ අනුව මීටර් 8,849 (අඩි 29,032) උස එවරස්ට් කන්ද තරණය කිරීම සඳහා අවසර පත්‍රයක් ඩොලර් 15,000 ක් වනු ඇති.

මීට පෙර එය ඩොලර් 11,000 ක් ලෙස පැවතියා.

මෙම නව ගාස්තු සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වනවා.

පසුගිය වසරේ සිට සාකච්ඡා කෙරෙමින් පවතින මෙම ගාස්තු වැඩිවීම කඳු නගින්නන් අධෛර්යමත් නොකරන බවයි ගවේෂණ සංවිධායකයින් පවසන්නේ.

එවරස්ට් කන්ද තරණය සඳහා සෑම වසරකම බලපත්‍ර 300 ක් පමණ නිකුත් කරනු ලබනවා.

World News

Send your contact Details Today