අමෙරිකානු – මෙක්සිකෝ දේශසීමාවට සෙබළුන් 1,500ක් යෙදවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිබෙනවා.
ඒ සංක්‍රමණිකයින් පැමිණීම මැඩපැවැත්වීම සඳහායි.
එමෙන්ම සංක්‍රමණිකයන් පැමිණීම මැඩලීම සඳහා ගුවන් යානාද යොදාගන්නා ලෙසයි ඔහු දැනුම් දී ඇත්තේ.
අමෙරිකානු ජනාධිපතිවරයා සිය ධුරයේ දිවුරුම් දීමෙන් පසුව ලබාදුන් ප්‍රධාන නියෝගයක් වන්නේ අමෙරිකානු – මෙක්සිකෝ දේශසීමාවේ අනවසර සංක්‍රමණිකයින් පැමිණීම මැඩපැවැත්වීමටයි.
කෙසේවෙතත් මෙක්සිකෝ ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, මෙය සාකච්ඡා මාර්ගයෙන් විසදා ගත යුතු ගැටළුවක් බවයි.