Latest News

ජාවා දුපත්හි නායයෑම්වලින් 19 දෙනෙකු ජීවිතක්ෂයට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දුනීසියාවේ ජාවා දුපත්හි නායයෑම්වලින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉන්දුනීසියාවේ ජාවා දුපත්හි පෙකලොන්ගන් ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ මෙම නාය යාම සිදුව තිබෙනවා.

ඉන් ප්‍රධාන මාර්ගය අවහිර වී නිවාස කිහිපයක් පස් වලට යටව තිබෙනවා.

මුදාගැනීමේ කණ්ඩායම් තවදුරටත් දිවි ගලවා ගත් අය සෙවීමේ නිරතව සිටිනවා.

ඩීන්ග් සානුව සමඟ නගරය සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයයි මෙලෙස නාය ගොස් ඇත්තේ.

එම ප්‍රදේශයට ළඟා විය නොහැකි නිසා සහන කණ්ඩායම් වලට බොහෝ දුරක් ඇවිද යාමට සිදු වුණා.

මේ වනවිට පස් හා මඩ ඉවත් කිරීම සඳහා කැණීම් යන්ත්‍රයක් යොදවා ඇති අතර අධික වර්ෂාව හා මීදුම ගලවා ගැනීමේ කටයුතුවලට බාධාවක්ව තිබෙනවා.

World News

Send your contact Details Today