Latest News

ගම­නා­න්ත­යේදී ගොඩ බැස්වී­මට අම­තක වූ සුර­තල් බළ­ලෙක් පැය 24ක් ගුව­නින් යයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නව­සී­ල­න්තයේ ක්‍රයි­ස්චර්ච් ගුව­න්තො­ටු­පොළේ සිට ඔස්ට්‍රේ­ලි­යාවේ මෙල්බර්න් නුවර දක්වා පියා­සර කළ ගුවන් යාන­යක භාණ්ඩ කුටියේ කූඩු කර සිටි ‘මිට්න්ස්‘ නමැති සුර­තල් බළ­ලකු ගම­නා­න්ත­යේදි ගොඩ බැස්වී­මට ගුව­න්තො­ටු­පොළේ මෙහෙ­යුම් බාර නිල­ධා­රීන්ට අම­තක වීම හේතු­වෙන් එම බළලා පැය 24ක කාල­යක් නගර දෙක අතර ගමන් වාර 3ක් අඛ­ණ්ඩව සංචා­රය කිරීමේ අපූරු පුව­තක් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

‘මේන් කූන්‘ නමැති විශාල බළල් වර්ග­යට අයත් අවු­රුදු 8ක් වය­සැති එම බළලා ඔස්ට්‍රේ­ලි­යානු ජාතික කාන්තා­ව­කට අයත් බවත්, මෙල්බර්න් නුවර ගමනාන්තයේදී ඇය පැය 3කට අධික කාල­යක් බලා සිටි­යද, සිය සුර­තලා ඇයටෙ නොලැ­බුණු බවයි එම මාධ්‍ය වාර්තා පැවසුවේ.

පසුව ඒ පිළි­බඳ සොයා බැලී­මේදී බළලා රැගත් කූඩුව තිබි­ය­දීම එම ගුවන් යානය නැවත ක්‍රයි­ස්චර්ච් නුවර බලා පියා­සර කර තිබෙන බවට දැන­ගැ­නී­මට ලැබී තිබෙනවා.

සිය සුර­තලා රැගත් ගුවන් යානය නැවත මෙල්බර්න් නුව­රට ළඟා වන­තුරු ඇයට තවත් පැය අට­කට ආසන්න කාල­යක් බලා සිටී­මට සිදුවූ බව ද විදෙස් මාධ්‍ය සඳ­හන් කළා.

වැර­දී­ම­කින් සිදුවූ එම අත­ප­සු­වී­මට නව­සී­ලන්ත ගුවන් සේවය ඇගෙන් සමාව ඉල්ලා ඇති අතර, බළලා දෙව­තා­වක් පියා­සර කිරීම සඳහා වන ගුවන් ගමන් වියදම සිය සමා­ගම විසින් දරන බවට නිවේ­ද­න­යක් ද නිකුත් කර තිබෙනවා.

World News

Send your contact Details Today