Latest News

ට්‍රම්ප්ගේ සැලසුම්ගත සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම ගැන පාප් වහන්සේගෙන් විවේචනයක්

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීමේ සැලැස්ම “අපකීර්තියක්” ලෙස ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විවේචනය කර තිබෙනවා.

ඉතාලි රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පාප් වහන්සේ මේ බව සඳහන් කර තිබුණා.

ආක්‍රමණශීලී ආගමන විධායක නියෝග ලැයිස්තුවක් හරහා ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් නෙරපා හැරීමට නව ජනාධිපතිවරයා මේ වන විටත් නියෝග නිකුත් කර අවසන්.

ට්‍රම්ප් පරිපාලනයේ නව සැලසුම් මානව වර්ගයාටම නින්දාවක් බවත් කිසිවක් නොමැති දුප්පතුන් තවදුරටත් අනාතයින් බවට පත් කරන බවත් පාප් වහන්සේ අවධාරණය කර තිබෙනවා.

ගෝලිය ගැටළුවක් බවට පත්ව ඇති මෙම සංක්‍රමණික ගැටළුව විසඳීමට මාර්ගය මෙය නොවන බවයි පාප් වහන්සේ පවසන්නේ.

සංක්‍රමණිකයන් වෙනුවෙන් පෙනී සිටීම ඔහුගේ පාප් පදවියේ ප්‍රධාන අංගයක් බවට පත් කර ඇති පාප් වහන්සේ, ඔවුන් සාදරයෙන් පිළිගෙන සමාජවලට ඒකාබද්ධ කළ යුතු බව අවධාරණය කරනවා.

එය තමන්ට පෞද්ගලිකව අනුනාද වන මාතෘකාවක් බව ඔහුගේ නව ස්වයං චරිතාපදානයේ දී ඔහු සඳහන් කිරීමත් විශේෂත්වයක්.

පාප් වහන්සේ තම පියාගේ සීයා සහ ආච්චි 1927 දී ඉතාලියේ සිට ආර්ජන්ටිනාව දක්වා ප්‍රින්සිපෙස්සා මාෆල්ඩා නෞකාවේ යාත්‍රා කිරීමට සැලසුම් කළ ආකාරය එහි සිහිපත් කර තිබෙනවා.

එම සංක්‍රමණික ගමන ජීවිත අහිමි කරමින් ගිලී ගිය නමුත් පසුව ඔවුන් දෙදෙනා මුහුද තරණය කිරීමට සමත්ව ඇති බවයි සඳහන් කර ඇත්තේ.

මේ අතර එම සාකච්ඡාවේදී වොෂින්ටන් හි ඊළඟ අගරදගුරු පදවියට කාදිනල් රොබට් මැක්එල්රෝයි පත් කිරීමත් සමඟ නව ට්‍රම්ප් පරිපාලනයට තීරණාත්මක ප්‍රවේශයක් ගැනීමට සූදානම් බවයි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සංඥා කර තිබෙනවා.

World News

Send your contact Details Today